ෂොපින් බෑග් සදහා පාලන මිලක් එයි – ඉදිරියේදී කිසිම ෂොපින් බෑග් එකක් නොමිලේ නෑ

ෂොපිං බෑග් සඳහා පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇත.

සුපිරි වෙළෙඳසල්වලින් මෙතෙක් නොමිලේ නිකුත් කරන ෂොපිං බෑග් සඳහා යම් මුදලක් අය කළ හැකි බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නේය.

මේ අනුව කුඩා, මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ෂොපිං බෑග් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට නියමිත අතර, ඊට අදාළ රෙගුලාසි සකස් කිරීමේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අරඹා ඇත.

එක් සුපිරි වෙළෙඳසල් ජාලයක් මගින් පමණක් වසරකට ෂොපිං බෑග් බිලියනයක් නොමිලේ පාරිභෝගිකයන්ට නිකුත් කෙරෙන අතර, දිවයිනේ වාර්ෂිකව පරිසරයට බැහැර කෙරෙන සමස්ත ෂොපිං බෑග් ප්‍රමාණය කෝටි 200ක් පමණ වේ.

එක්තරා සුපිරි වෙළෙඳසල් ජාලයකට අයත් එක් සාප්පුවකින් පමණක් දිනකට නිකුත් කරන සිලි සිලි මලු ප්‍රමාණය ලක්ෂ 05කි.

ෂොපිං බෑග් පරිසරයට බරපතළ හානි වන අයුරින් නිෂ්පාදනය කෙරෙන්නේ නම් ඉදිරි වසර තුළදී ෂොපිං බෑග් නිෂ්පාදනය සහ වෙළෙඳාම තහනම් කිරීම සම්බන්ධව ද රජයේ පරිසර අංශ අවධානය යොමුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *