ප්‍රංශ සමුළුවට මාගේ පුත්‍රයා ගියේ පෞද්ගලික වියදමින් – ඇමති අමරවීර ඇත්තම කියයි

ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දවස්වල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන සමුළුව සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවත් දූත පිරිසක් සමගින් සහභාගී වී සිටියා.

මෙම සමුළුවට අමාත්‍යවරයාගේ පුත්‍රයා වන පසන් අමරවීර ද එක්ව සිටී අතර සමාජ මාධ්‍ය තුල මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව විවිධ චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් , අමාත්‍යවරයාගේ පුත්‍රයා මෙම සමුළුව සඳහා සහභාගී වූයේ තම පෞද්ගලික වියදමින් බවත් ඒ සඳහා රජය විසින් කිසිදු වියදමක් නොදැරූ බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *