පෞද්ගලික සරසවිවලට යන්න රජයෙන් ලක්ෂ 10 පොලී රහිත ණයක් දෙයි

පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන්ට පොලී රහිත ණය ලබා දීමේ සීමාව රුපියල් දසලක්ෂයක් දක්වා වැඩි කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

එමෙන් ම මෙවර එම ණය ලබා ගැනීමේ දී ඇප කොන්දේසි වැඩි කිරීමට ද නියමිත ය.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල මේ වන විට ලියාපදිංචිව සිටින සිසුන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පෙරේදා ( 28 වැනිදා) අවසන් කර තිබේ. එම තොරතුරු මත මෙවර ණය ලබා දෙන ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කෙරේ. මෙවර සිසුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අවශ්‍ය වුවහොත් සිසුන් වැඩි ප්‍රමාණයකට වුව ණය ලබා දීමට හැකියාව ඇති බව මුදල් අමාත්‍යාංශය දන්වා තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

ශිෂ්‍ය කණ්ඩායම් හතක් මේ දක්වා මෙම ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී තිබේ. එම සිසුන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් උපරිම ණය සීමාව වූයේ රුපියල් ලක්ෂ අටකි. සිව් වසරක උපාධි පාඨාමාලවක් සඳහා මෙලෙස රුපියල් ලක්ෂ අටක් ලබා දුන් අතර වසර තුනක පාඨාමාලාවක් සඳහා ලබා දුන්නේ රුපියල් ලක්ෂ හයකි. පසුගිය වසරේ දී මෙම ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව තුන් දහස් පන්සියයක් පමණ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *