ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශයන්ට තවදුරටත් පවතින අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනයට පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු පහක් මීටරය බැගින් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය අද (30) පෙරවරුවේ පියවර ගනු ලැබිණි.
මෙමගින් තත්ත්පරයට ඝණ අඩි දහතුන් දහස් නමසීයක (13900) ජල ධාරිතාවක වික්ටෝරියා ජලාශයට මුදාහැරුණු බව එම කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කෙරුණි
පවතින අධික වර්ෂාපතනයත් සමඟ පොල්ගොල්ල මහවැලි වේල්ලේ මහජන නැරඹුම් වේදිකා පරිශ්‍රයේ පොලොව ගිලා බැසීමේ අවදානමකට ලක්වෙමින් තිබෙන බවත් කිසියම් අභ්‍යන්තර ජල ගැලීමක් හේතුවෙන් මේ තත්ත්වය උදාවෙමින් ඇති බවට සැකකෙරෙන අතර මේ වනවිටත් එය වලක ස්වභාවයෙන් අඩි තුනකට අධික ප්‍රමාණයක් මහවැලි ගඟ දෙසට ගිලාබැසෙමින් තවදුරටත් ඛාදනය වෙමින් ඇති අයුරු දක්නට ලැබේ.