දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ, දුම්වැටි භාවිතය නිසා වසරකට පුද්ගලයන් 20,000ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව ය.
හෙට (මැයි 31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනයට අදාළව නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කර තිබේ.
දුම්වැටි භාවිතය නිසා ලොව පුරා මරණ ලක්ෂ 80ක් පමණ වර්ෂයකට සිදුවන බව ත් ඒ අතරින් ලක්ෂ 8ත් -9ත් අතර පිරිසකගේ ජීවිතය අහිමි වන්නේ, අක්‍රීය දුම්පානය හේතුවෙන් බව ත් එම නිවේදනයේ සඳහන් කළේ ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මේ වන විට මෙරට දුම්වැටි භාවිතයෙන් 9.1%කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ශීඝ්‍රයෙන් අඩුවී තිබෙන අතර පසුගිය වසර තුළ දුම්වැටි නිෂ්පාදනය සියයට 19%කින් පමණ පහළ ගොස් තිබෙන බව ය.
ලොව පුරා දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණතාවක් පැවතුණ ද තවදුරට ත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතා කරන බව ත් දිනකට, සිගරට් ෆිල්ටර් ලක්ෂ 63ක් මෙරට පරිසරයට මුදාහරින බව ත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු’ යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ය.