මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන්, ඉන්ධන මිල පහළ යනු ඇති බවටයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුණේ පසුගිය අප්‍රේල් 30 වැනිදායි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමූ ඇති අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 420ක් ලෙසයි.
එමෙන්ම සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගිය අතර එහි නව මිල රුපියල් 333ක් ලෙස වාර්තා වුණා.