ලංකාවේ මිනිස්සුන්ට කන්න ලෙලි කජු ආනයනය කරන්න අවසර දෙයි

දේශීය පාරිභෝජනය සඳහා වසර පහක කාලයක් සඳහා ලෙලි කජු ආනයනය කිරීමට රජය කටයුතු යොදා ඇත.

දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා වූ කාලය තුළ මෙසේ ලෙලි කජු ආනයනය කිරීමට නියමිතය. ඒ අනුව මේ වසරේදී මෙට්‍රික් ටොන් 15,000 ක උපරිමයකට යටත්ව ලෙලි කජු ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවී ඇත.

ඉදිරි වසර සඳහා ආනයනය කිරීමට නියමිත කජු ප්‍රමාණය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කජු සංස්ථාව, මුදල් අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය එක්ව තීරණය කිරීමට නියමිතය. ලෙලි කජු ආනයනය කිරීමේදී සෙස් ඇතුළු බදු සහන ලබාදීමටද කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *