කොළඹ නාලන්දා විද්‍යාල ක්‍රිකට් පිලේ නායක සන්දීප ජිව විද්‍යා විෂය ධාරාවෙන් A3 ක් ගනියි

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අම්බලන්ගොඩ මාදම්පා ජාතික පාසලේ නිවුන් සිසුන් දෙදනෙක් වාණිජ විෂය ධාරාවෙන් A සාමාර්ථ 3ක් ලබා තිබෙනවා 

මොවුන් දෙදෙනා 2023/2024 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් ලෙසද කටයුතු කළා.

ප්‍රධාන ශිෂ්‍ය නායක පතුන් සම්පත් A සාමාර්ථ 3ක්  ලබා ගනිද්දී ඊට නොදෙවෙනි වූ ,උප ප්‍රධාන ශිෂ්‍ය නායක මීතුන් සම්පත්ද  A සාමාර්ථ 3 ක්  ලබා ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයේදී ද විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක් 

මේ අතර කොළඹ නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන සජිත සන්දීප ලක්ෂාන්ද 2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය  කර තිබෙනවා.

ක්‍රීඩාවට  මෙන්ම අධ්‍යාපනයටද වැඩි උනන්දුවක් දැක්වූ ඔහු උසස්පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබා ගෙන ඇත්තේ  ජීව විද්‍යා විෂය ධාරාවෙන්.

මේ අතර කොළඹ DS .සේනානයක  විද්‍යාලයේ  උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 59 දෙනෙකු A සාමාර්ථ 3 බැගින් ලබා ගෙන විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.

ඔවුන්ගේ ජයාරූප කිහිපයක් පහතින්.

446803843 480460881076278 7927108453851580849 n Iri News
447203355 480460894409610 5266044836180946311 n Iri News
WhatsApp%20Image%202024 05 31%20at%2023.49.39 cacb4b19 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *