120 වසරක ඉතිහාසයේ පළමුවරට සිය පාසලට A සාමාර්ථ 03 ක් ගත් පාසල් සිසුවියන් දෙදෙනා


වවුනියාවේ සූඩවේන්දපිලව් අල් ඉක්බාල් මුස්ලිම් විද්‍යාලයේ වසර 102ක ඉතිහාසයට නව පිටුවක් එකතු කරමින් එම විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙතෙක් එම පාසලෙන් කිසිම සිසුවෙකු හෝ ශිෂ්‍යාවක් A සාමාර්ථ තුනක් ලබා ගෙන නැහැ.

දෙමළ, භූගෝල විද්‍යාව සහ ඉතිහාසය විෂයන් හදාරා නහාර් ෆාතිමා සුහා සිද්ධි ශිෂ්‍යාව A සාමාර්ථ තුනක් ලබා ගනිමින් දිස්ත්‍රික් මට්ටමේ 12වැනි ස්ථානය ලබා ගෙන තිබෙනවා.

මනස් ෆාතිමා අප්නා සිසුවිය ද දෙමළ, භූගෝල විද්‍යාව සහ ඉතිහාසය යන විෂයයන් සඳහා A සාමාර්ථ තුනක් ලබාගනිමින් දිස්ත්‍රික් මට්ටමේ 31වැනි ස්ථානය ලබා ගැනීමට සමත්වුණා.

විද්‍යාලය ආරම්භ කොට වසර 102ක් ගත වි ඇති අතර 2023 වසරේ විභාග ප්‍රතිපල වලට අනුව එම පාසලෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 11දෙනාගෙන් සියලුම දෙනා සියලුම විෂයන්ගෙන් සමත් වී තිබීමද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *