කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර් අත්අඩංගුවට ගනියි

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිදුවිමට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක්.

එම රියදුරු සිය බස් රථය අද (02) පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

ඒ අනුව සැකකාර බස් රියදුරු සමග අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *