විශේෂ අවශ්‍යතා ඇති සිසුවා දිනක්වත් පාසල් නොගොස් උසස් පෙළ සමත් වෙයි

කොඳු  ඇට පෙළ  ඇදවීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන සිසුවෙකු උසස් පෙළ විෂයන් හැදෑරීමට එක් දිනක් හෝ පාසල් නොගොස් නිවසේ සිට තනිව පාඩම් කටයුතු සිදු කරමින්  උසස් පෙළ විභාගය සමත්වීමට සමත්වකම් දැක්වීමේ පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තාවේ.

ගිනිගත්හේන, පිටවල, කැළණිගම  ප්‍රදේශයේ පදිංචිව සිටින එම්. කීර්ති චන්ද්‍රසිරි නැමැති මෙම සිසුවා මෙරව උසස් පෙළ විභාගයට මුහුණ  දී ඉදිරිපත් වු විෂයන් තුනට එස් සාමාර්ථයන් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

කොඳු  ඇට පේළියේ අසාමාන්‍ය වෙනස්වීමත්, මස් පිඩු දියවීම යන රෝගවලින් පෙළෙන මෙම සිසුවාට ඇවිදයාමට නොහැකි අතර, සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට ඔවු ගොස් ඇත්තේ සිය සහෝදරයාගේ කර මතිනි. මෙම සිසුවා පදිංචි නිවස ඇත්තේද පඩි වලින් බැස යන ආකාරයේ දුෂ්කර භූමි භාගයක වන අතර, එසේ සාමාන්‍ය පෙළ විභාගයට සහෝදරයාගේ කර මතින් ගොස් මුහුණ  දී ඉන් සමත්ව උසස් පෙළ විභාගයට මෙසේ තනිව නිවසේ සිට මුහුණ දීමට පියවර ගෙන ඇත්තේ පාසල් යාමට දිනකට අධික මුදලක් වැයවීම හේතුවෙනි.

ගිනිගත්හේන මධ්‍ය මහ විදුහලේ ගුරුවරුන්ගේ උපකාරයෙන් නිවසේ සිට පාඩම් කටයුතු සිදු කොට මෙවර උසස් පෙළ විභාගයේ මුහුණ දුන් සිංහල, භූගෝල විද්‍යාව සහ ජනසන්නිවේදනය යන විෂයන් සඳහා මෙම එස් සමාර්ථ ලබා ගෙන ඇත.

තම දරුවාගේ මෙම සුවිශේෂි දස්කම සම්බන්ධයෙන් කරුණු දැක් වු කීර්ති චන්ද්‍රසිරි සිසුවාගේ මව වන ඩබ්ලිව්. ජී. ගුණවතී මහත්මිය මෙලෙස කීවාය.

“මගේ දරුවා උසස් පෙළ විභාගයට කියලා එක් දවසක් වත් ස්කෝලේ ගියේ නැහැ. මොකද ඔහු පාසල් රැගෙන යාමට විශාල මුදලක් දවසකට වැය වෙන නිසා. ඒත් අයියගේ කර මතින් ගෙදර ඉදලා මීටර් 400 ක් පමණ ගල් පඩි සහිත ඉතාමත් අසීරුවෙන්  කන්ද නැග පාරට ගිහින් මගේ දරුවා පිටවල සිට  ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයට රැගෙන ගියේ ත්‍රී රෝද රථයකින්.

ප්‍රධාන පාරේ ඉදන් ගිනිගත්හේන පාසලට යන්න ත්‍රී විලර් එකට රුපියල් 3500ක් ගන්නවා. විභාගය තිබුණු දවස් ටිකට රුපියල් 36000ක් පමණ අපිට වියදම් උනා. එම මුදල් සොයා ගත්තේ බොහොම අමාරුවෙන්. ඒ කොහොම උනත් මගේ දරුවා එක් දවසක්වත් පාසල් නොගිහින් විභාගයට පාස් උන එක ගැන මට හිතෙන්නේ ලංකාවෙන්ම පළමු වැනියා වුනා කියලයි. මොකද මගේ දරුවා සාමාන්‍ය දරුවෙක් නොවෙයි. අසාමාන්‍ය ශරීරයක් සහිත රෝගී දරුවෙක්. අතපය හොදට තිබෙන දරුවන්ට මගේ පුතා හොද ආදර්ශයක් දීලා තිබෙනවා.”

මේ පිළිබඳව  අදහස් දැක් වු ගිනිගත්හේන මධ්‍ය මහ විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා

මේ දරුවා අපේ පාසලේ සිටි සුවිශේෂි දරුවෙක්. ඔහු පිළිබඳව මා මුලින්ම දැන ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් කාලයේ. ඔහුගේ දෙමාපියන් දුප්පත් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන අයවලුන්. මම ඔවුන්ට පැවසුවේ දරුවා කොහොම හරි උසස් පෙළ විභාගයට වාඩි කරවන්න කටයුතු කරන්න කියලා. අපි පාසල පැත්තෙන් එම සිසුවාට අවශ්‍ය සියලුම ආකාරයේ පහසුකම් සැපයුවා. දිනකට අධික මුදලක් දැරීමට දෙමාපියන්ට නොමැතිවීම නිසා අධ්‍යාපන කටයුතු නිවසේදීම සිදු කරගෙන යාමට අපි කටයුතු කලා. ඇත්තටම කීර්ති චන්ද්‍රසිරි දරුවා ඇවිද ගැනීමටවත් නොහැකිව අසාමාන්‍ය අසනීප තත්ත්වයෙන් සිට උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව මේ ලැබු ජයග්‍රහණය පිළිබඳව විදුහල්පතිවරයා ලෙස මා ඉතාමත් නිහතමානීව සතුටට පත්වෙනවා.

මෙවර උසස් පෙළ විභාගයේදී ඉංජිනේරු තාක්ෂණවේදය විෂය කාණ්ඩයෙන්  ලංකාවෙන්ම පළමු ස්ථානයද හිමි කරගෙන ඇත්තේද  ගිනිගත්හේන මධ්‍ය මහ විදුහලේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ සිසුවියයි.

ශාන් හුලංනුගේ

image 3f15202d4f Iri News
image 3c450f6cfe Iri News
image e39e1d9ea2 Iri News
image 63b70893cf Iri News
image c47d88fd5f Iri News
image 5503843b18 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *