උසස් පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යවල දැමීමෙන් වලකින්න – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි

උසස්පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

”බොහෝ දරුවෝ අපි දකිනවා තමන්ගේ ප්‍රතිඵල ලබා ගත් විභාග දෙපාර්තමේන්තුවේ ලේඛණය තමන්ගේ මුහුණු පොතේ ප්‍රකාශ කරනවා. ඒක කළ යුතු නැති දෙයක්. ඕනම කෙනෙකුට ඒ විභාග අංකයෙන් වෙන කෙනෙකුගේ අයදුම්පතේ, වෙන කෙනෙකුගේ ජාතික හැදුනුම්පතේ අංකය දන්නවා නම් ඒ ඇප්ලිකේෂන් එකට පිරෙව්වොත් එහෙම, අදාළ දරුවට දෙවැනි අවස්ථාවක් එන්නෑ ආයේ මේක පුරවන්න. එහෙම වුණොත් විශාල කාල පරාසයකින් පස්සේ තමයි සමස්ත පරිඝණක ක්‍රියාවලියම වෙනස් කරලා තමයි නීත්‍යානුකූල අයිතිකරුට මේ ප්‍රවේශට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ ළමයි ගැන බලා ගන්නවා. බියක් ඇතිකර ගත යුතු නැහැ. නමුත් වැලකී සිටින ලෙස ඉල්ලනවා තමන්ගේ විභාග අංකය මුහුණු පොතේ හෝ සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන්”යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.

One thought on “උසස් පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යවල දැමීමෙන් වලකින්න – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි

  1. අනිවාර්යයෙන්ම එය නොකළ යුතු දෙයකි.මේ ගත් තීරණය වඩාත් ඵලදායකය.වහාම එය නැවැත්වීමට පියවර ගත යුතුය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *