රෝහල් 40ක් වැහිලා100ක් වැහෙන්න ළගයි – සෞඛ්‍ය ඇමති කියයි

රට පුරා රජයේ රෝහල් 40ක් වැසී ගොස් ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. ඔහු කියන්නේ තවත් රෝහල් 100ක ට ආසන්න ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්ත්වයේ පවතින බවයි. මෙම රෝහල් වෙත කඩිනමින් වෛද්‍යවරු අනුයුක්ත කර නැවත සේවා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමැතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රෝහල් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක රැසක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් මෙසේ වැසී යාමට ආසන්නව පවතින බවයි. වෛද්‍යවරුන් විදේශගත වීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැරයාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *