ඕස්ට්‍රේලියාවේ අද ඉදලා කැමැත්තෙන් මැරෙන්න පුළුවන්

‍සුවකල නොහැකි රෝගවලින් පෙළෙන්නන්ට ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළද අද සිට බලාත්මක වනවා.

ඒ අනුව සුව කළ නොහැකි රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට වෛද්‍ය නිර්දේශය මත ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමට ඉල්ලීම් කල හැකියි.

ඉල්ලූම්කරුවන් තම පළමු ඉල්ලීම සිදු කිරීමට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු අතර අවම වශයෙන් වසර තුනක ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය සහිත අයෙකු විය යුතුයි.

එමෙන්ම එම ඉල්ලූම්කරුවන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවම වශයෙන් මාස 12 කට වැඩි කාලයක් අඛණ්ඩව ජීවත්ව සිටීමද අනිවාර්ය වනවා.

ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය ආබාධිත – ඩිමෙන්ශියාව හෝ මානසික සෞඛ්‍ය දුර්වලතා සහිත පුද්ගලයින් සඳහා වලංගු නොවන අතර අනෙක් සෑම පුරවැසියෙකු සඳහා කිසිදු බලපෑමකින් තොරව අදාල ඉල්ලීම කල හැකියි.

රෝගියෙකු වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට මේ සඳහා ඉල්ලූම් කිරීමට හැකියාවක් නැහැ.

මේ වන විට වික්ටෝරියා – ටස්මේනියා – ක්වීන්ස්ලන්ඩ් – බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත 05 හි ස්වකැමැත්තෙන් මරණය අත් කර ගැනීමේ නීතිය බලාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *