කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පියා සොයයි

දරුවන් මල් වගේ නම් එවන් මලක් හිත්පිත් නැතිව තලා දමන්නට පුළුවන්ද?

නරුම වැඩිහිටියෙකු අතින් තැලෙන පුංචි මලක් ගැන අපිට වාර්තාවන්නේ වැලිඔය ප්‍රදේශයෙනි.

පෙනුමෙන්, මේ පුංචි දරුවාගේ වයස අවුරුදු හතරක් හෝ පහක් පමණ වෙනු ඇතැයි අනුමාන කළ හැකියි. 

මේ අමානුෂික ප්‍රහාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල සංසරණය වේ.

කුසට අහරක් ගන්නා විට සතෙකුටවත් පහර නොදෙන සමාජයක, බත්පිඬක් මුව තුළ රුවාගත් මේ පුංචි දරුපැටියාට අමානුෂික ලෙස පහරදෙන්නේ කෙසේ ද යන්න මවිතයකට කරුණකි.

අවම ශිෂ්ටභාවයක්වත් නැතිව මිනිසෙකුට මෙතරම් නරුම විය හැකිද?

වැරෙන් එල්ල කළ පහරින් දරුවා ඉවතට විසිවන අතර, පුංචි පැටියා අඬ අඬාම නිවසේ කොණකට ගොස් බත් කටක් අහුලා කන ආකාරය මෙම සංවේදී දර්ශනවල සටහන්ව තිබේ. 

කුසගින්නට වඩා හිතේ ගින්න දැඩි වුණත් මේ දරුවාට පිහිටවන්නේ කවුද?

මෙම පහරදීම සිදුකරන පුද්ගලයා දරුවාගේ පියාද යන්න පිළිබඳ තවදුරටත් තහවුරු කරගෙන නොමැති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ පවුල මේවන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවය. 

One thought on “කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පියා සොයයි

  1. මෙවැනි කාළකණ්නි අපත තාත්තෙක් ලබන්න මේ දරුවා කොච්චර පව් කරලා ඇත්ද? දරුවෝ කියන්නේ රටට දායාදයක්.වාසනාවක්. මොහුව අනිවාර්යයෙන්ම සිරභාරයට ගත යුතුය.මේ දරුවා පුනරුත්ථාපනය කරන්න යැවිය යුතුය. කුඩු කසිප්පු බොන අවලන් ප්‍රේතයෙක් මේ මිනිහා..වහාම ඉන්න තැනක් කියන්න.පොලිසියට කෝල් කරලා කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *