අනුරගේ ප්‍රකාශය සජිත් කොපි කරලා පාර්ලිමේන්තුවේදී කියයි

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් තමන් විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ මතු කිරීමට සිටි ප්‍රශ්නයම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ බොළඳ සෙල්ලමක් සිදු කළ බවද ඔහු චෝදනා කළේය.

තමන් විසින් මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විපක්ෂ නායක කාර්යාලයට එය ඉදිරිපත් කළ බවත් පසුව විපක්ෂ නායකයා විසින් තමන් ඉදිරියේම එම ප්‍රශ්නය මතුකලේ කෙසේදැයි අනුර දිසානායක මහතා කතානායකවරයාගේ විමසා සිටියේය.

එය අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ප්‍රශ්න පාර්ලිමේන්තුවට යොමු කිරීම විපක්ෂ නායක කාර්යාලය හරහා නොකර කෙලින්ම පාර්ලිමේන්තු මහා ලේකම්ට යැවීමට ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම එහිදී තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *