වැලිඔය පියාගෙන් ගුටි කෑ පුංචි දියණිය පරිවාස භාරයට


වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකට අමානුෂිකව පහරදුන් කුකුල් චමින්ද නැමති ප්‍රධාන සැකකරු ඇතුලු 05 දෙනෙකු ජුනි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පදවිය මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක (05) දින නියෝග කර තිබෙනවා.

එමෙන්ම වැලිඔය පොලිස් නිලධාරීන් විසින් අද දින පහරකෑමට ලක්වූ කුඩා දැරිය මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ වින්දිත අවුරුදු 4 මාස 6 ක් වූ කුඩ දැරිය අනුරාධපුර පරිවාස මධ්‍යස්ථනයක් වෙතට යොමු කර ඇති බවද සඳහන්.

මෙහිදී කුකුල් චමින්ද සමගින් ඔහුගේ බිරින්ඳෑවරු බව පැවසෙන කාන්තාවන් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී සැඟව සිටීමට ඉඳුම් හිටුම් ලබාදුන් නිවසේ හිමිකරු සහ සැකකරුවන්ට ආහාරපාන ලබාදුන් වෙළඳසැලක හිමිකරුවෙකු ද මෙලෙස ජුනිමස 19 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට පදවිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

එමෙන්ම මුලතිව් අධිකරණ වෛද්‍යවරයාගේ පූර්ණ වාර්තාවද ලබන නඩුවාරයට ඉදිරිපත් කරන ලෙස පදවිය මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙතට නියෝග කර ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *