මව්පියන් අකමැති වීම නිසා බාල වයස්කාර ජෝඩුව ආදරේ නාමයෙන් ගැරඬි ඇල්ලෙන් පනියි

ප්‍රේම සම්බන්ධතාවට මවුපියන් අකැමැති වීම හේතුවෙන් පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වතුයායේ පදිංචි දරුවකු හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි දැරියක ගැරඬිඇල්ල දිය ඇල්ලෙන්  පහළට පැන ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසයි.17 වියැති බාලවයස්කාර යුවලගේ ප්‍රේම සබඳතාවට දැරියගේ මව්පියන් දැඩි විරෝධයක් එල්ල කළ නිසාවෙන් ඔවුන් මෙසේ ඇල්ලෙන් පැන දිවි නසා ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.

මෙම යුවල අලුයම් කාළයේදී ගැරඬි ඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට නැඟ යම් වේලාවක් පෙම් සුව විඳිමින් කල් ගෙවා පසුව, මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.කෙසේ වෙතත් දිය ඇල්ලෙන් පහළට පැනීමෙන් තරුණයා ජීවිතක්ෂයට පත් වී නොමැති අතර ඔහු අපහසුවෙන් පහලට බැස අවට ප්‍රදේශවාසීන්ට සිද්ධිය පවසා තිබේ.

අවට ප්‍රදේශවාසීන් එක්ව දිය ඇල්ලෙන් පහළට බැස තරුණිය සොයා සිදුකළ පරීක්ෂාවේදී බරපතල තුවාල ලබා සිහිසුන්ව සිටි ඇය සොයාගෙන ඇති අතර ඉන් පසු දෙදෙනාම ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ.කෙසේ වෙතත් තරුනියගේ තත්වය බරපතල බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *