ඩොලරය යළිත් 300 සීමාව ඉක්මවා වේගයෙන් ඉහළට

එක්සත් ජනපද ඩොලරයක මිල අද (07) දිනයේ දී රු. 302.70 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන පරිදි අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සටහන් වන්නේ පිළිවෙලින් රු. 297.83 ක් හා රු. 307.44 ක් වශයෙනි.

මේ අතර මහ බැංකුව පසුගිය දා පැවසුවේ, 2024 වසරේ මේ දක්වා සමස්තයක් වශයෙන් රුපියල අතිප්‍රමාණය වුවද, 2024 මැයි මාසයේ දී යම් අවප්‍රමාණය වීමේ පීඩනයක් දක්නට ලැබුණු බවයි. එලෙස පසුගිය මැයි මාසය තුළ රුපියලට එල්ල වූ අවප්‍රමාණය වීමේ පීඩනය තවදුරටත් පවතින බව 2024 ජූනි මාසයේ මුල් සතියේ විනිමය අනුපාතික අධ්‍යයනයේ දී පෙනී යනු ඇත.

Dollar 07.06.2024 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *