චීවරධාරියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙක් මිය යයි

ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ, පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී තුවාලකරුවාව සොයාගෙන තිබෙන බවයි.

පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසන​වා.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර චීවරධාරියා මරණකරුගේ ඥාතියෙකු බවයි වාර්තාවන්නේ.

එම සැකකරු විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

One thought on “චීවරධාරියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙක් මිය යයි

  1. වැඩ වසනව කියල මිනිමරුවට ගරු කරලා ලියල. ලැජ්ජයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *