සිව් දරු මවගේ සිරුර පිඹුරෙකුගේ උදරයෙන් හමුවෙයි


සිව් දරු මවක් අවාසනාවන්ත ලෙසින් පිඹුරෙකුගේ ගොදුරක් බවට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ මධ්‍යම ඉන්දුනීසියාවෙන්.

මෙලෙස අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දුනීසියාවේ පදිංචි අවුරුදු 45ක සිව්දරු මවක්.

ඇගේ ස්වාමිපුරුෂයා පවසන පරිදි මෙම කාන්තාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ අතුරුදහන් වී ඇති අතර ආපසු නිවසට නොපැමිණි නිසා ඇය පිළිබඳව ගම්වාසීන් එක්ව සොයාබලා තිබෙනවා.

සිදුකළ මෙහෙයුම්වල දී මෙම කාන්තාවගේ බඩු බාහිර ආදිය හමුව ඇති අතර දිගටම සිදුකළ මෙහෙයුම්වලදී විශාල බඩක් සහිත පිඹුරෙකු දැක තිබෙනවා.

පිරිස විසින් එම පිඹුරාගේ බඩ කපා බැලීමට එකඟ වූ අතර එහිදී මෙම කාන්තාවගේ මියගිය සිරුර සොයාගෙන තිබෙනවා.

මෑත වසරවලදී ඉන්දුනීසියාවේ පිඹුරන් විසින් මිනිස් ජීවිත බිලිගැනීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *