සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ඉකුත් තරග දෙකේ පරාජය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෑල්ලුවට ලක්කිරීම අසාධාරණ බවය.
පසුගියදා නව නියෝග පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධුර කාලය දීර්ඝ කර ඇතැයි ඇතැමුන් එල්ල කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය ඒවා බවද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.