අපේ රජයකින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි – ජාතික ජන බලවේගය තීන්දු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සිය රජයක ප්‍රථම පියවර ලෙස ආදර්ශ සපයමින් නාස්තිය, දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බවත්, ජනතාවගෙන් සොරකම් කළ ධනය නැවත අත්පත් කර ගැනීමට මුදල් විශුද්ධිකරණ පනත, අල්ලස් හෝ දූෂණ පනත ඇතුළු පවතින නීති ප්‍රාකාරව හෝ නව නීති ගෙන එමින් ඒ සඳහා කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

රජයට බදු ගෙවන බවට පොරොන්දු වී පැහැර හැරීම නිසා නොගෙවූ බදු රුපියල් ටි්‍රලියනය ද ඉක්මවා ඇති බවත්, ඒ අතරින් මත්පැන් නිෂ්පාදන ආයතනවලින් රජයට අය වියයුතු බදු මුදල බිලියන දහසකට අධික බවත්, පැවසූ සුනිල් හඳුන්නෙත්ති මහතා, වැට් බදු ලෙස මිලියන 163ක් ද අය කර ගැනීමට තිබෙන අතර මෙම මුදල් අය කරගත හැකි වුවහොත් රටේ ආර්ථිකය යථාවත් කරගත හැකි බවද කියා සිටියේය.

අනුරාධපුර, තඹුත්තේගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් පසුගිදා (09දා) සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *