තව ටික කාලයක් යද්දි ඇල්ල,නුවරඑළිය කියන්නෙත් සාමාන්‍ය පරිසර කලාපයක් වෙනවා.ඊට පස්සේ ඔය එන සුද්දෙක් වත් ආපහු ඒ පැත්ත පලාතක එන් නෑ.එදාට මිනිස්සු තේරුම් ගනීවි සංචාරකයෝ ආවේ පරිසරය නිසා මිසක් කොන්ක්‍රීට් ගොඩවල් බලන්න නෙවෙයි කියලා.
දැන් ඇල්ල පැත්තේ කන්දක් අයිනේ ලොකු ගලක් තිබ්බත් ඒක උඩත් එක මේසයක් හරි දාලා හෝටලයක්,කැෆේ එකක් දාන්න යනවා.ඇල්ල කදු ටිකේ ගස් වලට වඩා හෝටල් හැදීගෙන යනවා.නිකමට ගිය වෙලාවක බලන්න 9arch එක ලග තියෙන පොඩි කන්ද දිහා.එතකොට මේ කතාව හොදටම තේරේවි.
සොබාදහම අපිට හුගක් දේවල් දීලා තියෙනවා.ඒත් අපි ඒවා අසීමිතව භුක්ති විදින්න ගිහින් විනාස කරලා දානවා.
