අතුරු කමිටුව ගැන හරීන් තීන්දුව ගන්න දිනය දැනුම් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් පත් කර ඇති අතුරු කමිටුව සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දෙන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අභියාචනාධිකරණය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව මීලග නඩු දිනය වන දෙසැම්බර් 5 වනදා වන විට එම ස්ථාවරය දැනුම් දෙන ලෙස ද දැනුම් දී ඇත.

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සම්බන්ධ ගැසට් නිවේදනය පිළිබඳව ඉදිරි පියවරක් නොගන්නා බවද ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේය.

එමෙන්ම අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව අධිකරණය විසින් එම දැනුම් දීම කර ඇත.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගොනුකළ පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය බව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *