තමන් දර දිය ඇද්ද පක්ෂය මරණයේදී පවා ප්‍ර්‍රදර්ශනය කල එජාප පාක්ෂිකයා

සිය වාසිය බලා පක්ෂය හා පාට මාරුකරන දේශපාලකයන්,අනුගාමිකයන් ඉන්නා අපේ රටේ දශක අටකට වැඩි කාලයක් තිස්සේ තමන් දර දිය ඇද්ද පක්ෂය මරණයේදී පවා ප්ර දර්ශනය කරමින් මිය ගිය අයෙකු පිළිබඳ කරන්දෙණිය මීගස්මිටියෙන් වාර්තා වේ.

අන්තිම කැමැත්ත පරිදි තමා මියගිය දා තමා නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ කොළ පාට ඇඳුම්  මළ සිරුරට අන්දවන ලෙස කරන්දෙණිය මීගස්පිටියේ තොම්මයා හකුරු සෝමසිරි මහතා සිය දූදරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඔහු පෙරේදා(12දා) මිය ගිය පසු දේහයට දූදරුවන් ඇන්දවූවේ කොළ පාටින් මැසූ ඇඳුම්ය.තනි කොළ පාටින් ඇදුම් ඇඳ ඊයේ(13) පස්වරුවේදී ඔහු අවසන් ගමන් ගියේ අසූ හතර හැවිරිදි තිදරු පියෙකු තනි අලියෙකු බව පසක් කරමිනි.

මේ ඔහුගේ දේහය කොළ පාට ඇදුම් අන්දවා ඇති අයුරුය.

image 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *