ක්‍රිකට් අතුරු කමිටුව ගැන හරීන් ප්‍රනාන්දු සිය අවසන් තීරණය කියයි

ක්‍රිකට් අතුරු කමිටුවක් පවත්වාගෙන යාමට අධිකරනයෙන් බාධාවක් නොවන්නේ නම් හිටපු ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් පත්කර ඇති අතුරු කමිටුව දිගටම පවත්වාගෙන යාමට තම අනුමැතිය ලබාදෙන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අධිකරණයේ තීරණයට ගරු කරමින් ක්‍රිකට් ගැටළුවට තමන් මැදිහත් වීම සිදු කරන බවද හෙතෙම පැවසීය.

වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඇති වත්මන් අර්බුද ඉතා ඉක්මනින් විසඳා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග අද හෙටම සාකච්ඡා අරඹන බවද හෙතෙම කියා සිටී.

ඒ සඳහා ඉක්මන් පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර ඇති අතුරු අතුරු කමිටුවක් පත් කිරීමට හේතු වූ විඝනන වාර්තා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට යොමු කර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග උපදෙස් ඉල්ලා සිටින බවත් හෙතෙම කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *