පසුගිය දිනෙක මිදුල අතුගාමින් සිටිය දී අතුරුදන් වූ බව පැවසෙන 20 හැවිරිදි තරුණිය හමුවී තිබෙනවා.
දින 04කට පෙර විවාහා වී ඇති බව පැවසෙන මෙම තරුණිය අතුරුදන් වී ඇති බවට තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණේ පසුගිය 16 වැනිදායි.
මෙම තරුණිය මොරටුව ප්‍රදේශයේ නිවසක සිටිය දී ඊයේ (17) සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
ඇය පැහැරගත් බව කියන තරුණයන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් මෙම තරුණියගේ කලින් පෙම්වතා බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම තරුණිය පවසා සිටියේ, තමන් කලකට ඉහතදී පැහැරගත් බව කියන තරුණයා සමඟ ප්‍රේම සම්බනන්ධතාවයක් පවත්වා ඇති අතර දෙමාපියන් එයට දැඩිව විරුද්ධ වී තමන්ට වෙනත් අයෙකුට විවාහ කර දුන් බවයි.
තමන් කිසිදු පැහැරගැනීමකට ලක් නොවූ බවත් පැරණි පෙම්වතා සමග තමන් කැමැත්තෙන් ගිය බවයි එම තරුණිය පවසා සිටියේ.