ලංකාවට නිතරම පදක්කම් ගෙන එන තරුෂිට රජයෙන් දෙනවා යැයි කියූ ලක්ෂ 150 තවමත් නොලැබෙයි

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත් කරදුන් තරුෂි කරුණාරත්න සඳහා රජයෙන් කෝටි එකහමාරක මුදලක් ලබාදෙන බව පැවසුවද අද වන තෙක් එම මුදල ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,

“ක්‍රීඩා අමාත්‍යංශය මෙම ලබලා දෙනවා කියලා මාධ්‍යයෙන් සංදර්ශන තිබ්බා රටට කිව්වා.ජනතාවත් හිතුව ඇත්තටම ඒක ලැබිලා ඇති කියලා නමුත් අද වෙනකම් ඒක ලැබිලා නෑ. විවිධ පුද්ගලයන් හා ආයතන මගින් යම් යම් උදව් කරලා තියෙනවා හැබැයි රජයක් විදිහට ඇයගේ ක්‍රීඩා කෞශල්‍ය නඟා සිටුවීමට අවශ්‍ය කරන දායකත්වය ලබාදිය යුතුයි. එහෙම නැත්නම් ඒ ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්න ඕනේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *