අම්මයි – දුවයි ජයටම කසිප්පු පෙරයි

පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ බෝවල ප්‍රදේශයේඝන කැලෑවක මවක සහ දියණියක විසින්මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියකසිප්පු පෙරීමේ ස්ථානයක් වැටලීමටමහනුවර කොට්ඨාශදූෂණ මර්දන අංශ නිලධාරීන්ට හැකිව තිබේ .

ඊයේ (17දා) රාත්‍රියේ පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද එම මෙහෙයුමේදීගෝඩා ලීටර් 1250ක් කසිප්පුස්ප්‍රීතුලිටර්200ක්කසිප්පු පෙරීමට උපයෝගී කරගන්නාලීටර් 500යේ බැරල්තඹ දඟර, ගෑස් සිලින්ඩර්,ගෑස් ලිප් ඇතුළුවිශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 48 හැවිරිදි මව සහ 26 හැවිරිදිදියණිය මීට පෙරදීදඅවස්ථා ගණනාවකදීකසිප්පු කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් දඬුවම් නියම වූතැනැත්තියන් බව පොලිසිය කියයි .

බෝවල පයිනස් කැලෑවේ කිසිවෙකුටත් ළං විය නොහැකි ආකාරයේ දුෂ්කරබෑවුමකවිශාල ටැංකි වලදමාමෙම කසිප්පු කිරීමේ ස්ථානය පවත්වාගෙන ගොස් තිබේ .

පොලිසියට ලද තොරතුරකට අනුවපොලිස් නිලධාරීන්දීර්ඝ වේලාවක් එහි රැක සිටසැකකාර මව සහ දියණිය ඇතුළු කිහිපදෙනෙකුඑහි පැමිණකසිප්පු පෙරීමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර යුක්තිය මෙහෙයුම යටතේ මධ්‍යම පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේමහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිඅනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදිකොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්වැඩිදුර විමර්ශන සිදු කරයි .

image afdb5464a0 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *