අක්ෂි රෝගයෙන් පෙළෙන හාමුදුරුවෝ වගා කළ නාරං වගාවේ අස්වැන්න හොරු කඩයි

දෑස් අන්ධභාවයෙන් යුත් තමන් වහන්සේ දුක් මහන්සි වී වගා කරන ලද නාරං වගාවේ අස්වැන්න සොරුන් විසින් කඩා ගෙන ගොස් ඇතැයි නාවලපිටිය, නව තිස්පනේ, හුණුගල්ඔය, රජවත්ත ශ්‍රී ඥානෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය හපුවල විමලානන්ද හිමියන් පවසයි.

තමන් වහන්සේ පන්සල් භූමියේ වගා කොට තිබු නාරං වගාවේ අස්වැන්න කිලෝ හැත්තෑවක් පමණ ප්‍රමාණයත් මෙසේ සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවත්, මේ වනවිට වෙළෙඳපොළේ  නාරං කිලෝවක් රුපියල් හයසියයක පමණ මුදලකට අළෙවි වන බවද උන් වහන්සේ කීය.

තමා වසර 20ක පමණ කාලයක සිට දරුණු ගණයේ අක්ෂි රෝගයකින් පෙළෙන බවත්, එය ස්නායු දුර්වලවීමකින් හට ගන්නා විරල  ගණයේ අක්ෂි ආබාධයක් බවත්, මෙතෙක් ස්ථීර ප්‍රතිකාරයක් ඊට නොමැති බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇතැයි  බවත් විමලානන්ද හිමියන් පැවැසීය.

දෑස් නොපෙනුනත් තමන් වහන්සේ පන්සල් භූමියේ එළවළු, පළතුරු වැනි වගාවන් සිදු කොට ඇති බවත්, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිර්දේශීත නාරං වගාවක් පන්සල් භූමියේ සිදු කරගෙන යන බවත්, එම නාරං වගාවේ අස්වැන්න මෙසේ සොරුන් රැගෙන ගොස් ඇති බවද  විමලානන්ද හිමියන් වැඩිදුරටත් කීය.

image cf3a145536 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *