ගංජා ළඟ තබාගෙන සිටි බව කියන චීවරධාරීන් දෙදෙනෙක් ගම්පහ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිලි ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
මෙම චීවරධාරීන් දෙදෙනා ගමන් බෑග් දෙකක්ද අතැතිව දුම්රිය ස්ථානයේ පොදු වැසිකිළිය ආසන්නයේ රැඳී සිටිමින් කොළඹ දෙසට දුම්රියක් පැමිණෙන තුරු බලා සිට ඇති බව පොලිසිය කියයි .
මෙම චීවරධාරීන් දෙදෙනා ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි හිමිවරුන් බව පවසන පොලිසිය එම හිමිවරුන් දෙදෙනා කොළඹ පිහිටි විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද පොලිසිය කියා සිටියි .
වයස අවුරුදු 20, 25 වියේ පසුවන මෙම චීවරධාරින් දෙදෙනාගේ ගමන් බෑග් තුළ එක් අයෙකු ළඟ ගංජා මිලි ග්‍රෑම් 100ක් සහ අනෙක් අය ළඟ ගංජා මිලිග්‍රෑම් 120ක් තිබියදී සොයා ගත් බව පොලිසිය පැවසීය .
මේ වන විට එම චීවරධාරින් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් අනතුරුව ඔවුන් දෙදෙනාව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය