භූමිකම්පාවත් සමගම මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් දර්ශනය වෙයි

වවුනියාව ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි භූමි කම්පා තත්ත්වයක් ඇතිවීමත් සමගම එදින සිට මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් දක්නට ලැබෙන බව මුලතිව් ධීවරයෝ 20 දා පැවසූහ.

නිල් පැහැයෙන් යුත් මෙම අද්භූත වස්තු දෙක ඉහළ අහසේ සෙමින් සෙමින් පාවෙමින් තිබෙන බවත් භූමිකම්පා තත්ත්වයෙන් පසුව ඒවා දක්නට ලැබෙන බවත් එම ධීවරයෝ කියා සිටියහ.

අහසේ සෙමින් පාවෙන එම වස්තු දෙක නිල් පැහැයෙන් ඉතා දීප්තිමත්ව දැක ගත හැකි අතර ගොඩ බිම් ප්‍රදේශයට වඩා මුහුදේදී එම අද්භූත වස්තු දෙක ඉතා හොඳින් දක්නට ලැබෙන බවත් එම වස්තූන් සියැසින් දුටු මුලතිව් ධීවරයෝ කියා සිටිති.

සුනාමි ව්‍යසනයට දින පහකට පමණ ඉහතදීත් මෙවැනිම වස්තු කීපයක් අහසේ පාවෙමින් තිබූ බවත් සුනාමියෙන් පසුව ඒවා අතුරුදන් වූ බවත් කියන මුලතිව් ධීවරයෝ මේ අද්භූත වස්තු දෙක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බව ප්‍රකාශ කරති.

ධීවරයින්ගේ මේ ප්‍රකාශයෙන් පසුව යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා ඒකකය වෙතද එම තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කොළඹට විස්තර ඉදිරිපත් කොට ඇති බවත් යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *