බොහෝ පොසොන් කලාප වල භූත ගුහාව ඉවතට – අප්‍රසන්න විරිදුවලටත් විරෝධය එයි

පොසොන් පුර පසළොස්වක පොහොය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සංවිධානය කර තිබු පොසොන් කාලාප වල භූත ගුහාව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සංවිධායකයන් පවසයි .

මහා සංඝරත්නය සිදු කර දැනුම් දීමකට අනුව එම තීරණය ගෙන තිබේ.

පොසොන් පුර පසළොස්වක පොහොය වැනි උතුම් පොහො දිනක එවැනි ක්‍රියා සදාචාරසම්පන්න නොවන බව මහා සංඝරත්නයේ මතයයි.

නෙළුව සහ තවලම ඇති බොහෝ පොසොන් කාලාප වල විරිදු ගායනයන් වැනි ක්‍රියා සදාචාරසම්පන්නව සිදු කිරිමට අවධානය යොමුව ඇති බව එම සංවිධායකයන් පවසයි .

මේ අතර නෙළුව සහ තවලම ප්‍රදේශවල බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල කුඩා පොසොන් කාලාප නිර්මාණය කර තිබේ.

එවා හෙට සිට දින ගණනාවක් ප්‍රදර්ශනය කිරිමට නියමිතයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *