අමෙ­රි­කා­වෙන් මැයි මාස­යේදී මෙට්‍රික් ටොන් 90,000ක දැවැන්​ත බොර­තෙල් නැවක් ලංකාව​ට

ශ්‍රී ලංකාවේ ඉදිරි බොර තෙල් අව­ශ්‍ය­තාව සපු­රා­ලී­මට බොර තෙල් (WTI) මෙට්‍රික් ටොන් 90,000ක් අමෙ­රි­කා­වෙන් මිලදී ගැනී­මට ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව පිය­වර ගෙන ඇත.

ඒ අනුව එම බොර­තෙල් තොගය මැයි මස අව­සන් සතියේ දී මෙර­ටට පැමි­ණී­මට නිය­මිත බව ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්ති­කු­මා­රගේ මහතා ප්‍රකාශ කළේය.

මෙරට ජන­තා­වගේ පරි­භෝ­ජ­නය සඳහා හිඟ­ය­කින් තොරව ඛනිජ තෙල් සැප­යීම ශක්ති­මත්ව සිදු කිරීමේ අර­මු­ණින් මෙම මිලදී ගැනීම සඳහා වූ ගිවි­සු­ම්ග­ත­වීම සිදු කළ බව ද කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *