තවත් නිවුන් සොහොයුරෝ තිදෙනෙක් සාපෙළට A සාමාර්ථ 25ක් ගනියි

පසුගියදා ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයකට ලැබිය හැකි ඉහලම සාමාර්ථය වන ඒ  සාමාර්ථ  25 ක් සහ බී  සාමාර්ථ දෙකක් හිමි කර ගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලද තවත් නිවුන් සොයුරන් තිදෙනෙකු  හබරාදූව කටුකුරුන්ද ධාර්මික මහා විදුහලේ සිටිති.

හබරාදූව ,හරුමල්ගොඩ පදිංචි සන්තුශ රනෝද් මාරසිංහ, සංහිත රවීෂ් මාරසිංහ, සාහිත රදීෂ් මාරසිංහ  මේ අපූරු නිවුන් සොහොයුරෝ වෙති. 

මෙයින්  සාහිත සාමාන්‍ය පෙළට ලැබිය හැකි උපරිම ප්‍රතිඵලය වන ඒ සාමාර්ථ නවයක් ද , සංහිත සහ සංතුශ  ඒ  සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් බැගින් ලබාගෙනද විභාගය ඉහළින්ම සමත්ව සිටිති.
 
මේ තිදෙනාම එකට ඉපිද හරුමල්ගොඩ නැගෙනහිර ප්‍රාතමික විදුහලේ එකට  ප්‍රාතමික අධ්‍යාපනය ලැබූ අතර  තිදෙනාම 5 ශිෂ්‍යත්ව කඩ ඉම සමත් වූවෝ නොවූහ.

එහෙත් මෙම තුන් නිවුන් සොහොයුරෝ  සියලු  දෙමාපියන්ට වැදගත් පනිවිඩයක්ද ලබා දෙමින් නිවසට ආසන්නව පිහිටි කටුකුරුන්ද ධාර්මික විදුහලේ 6 ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලබා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්හ.
  
මෙයින් සාහිත සංගීත විෂයයට ඉමහත් කුසලතා දක්වමින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා සිටී.එම කුසලතාවලින්ම ඉදිරියට යාමට අපේක්ෂා කරන බැවින් තමන් උසස් පෙළ සංගීත විෂය සමග කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන බව පැවසීය.

සංහිත හා සංතුශ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරන බව පැවසූහ. මේ දරුවන්ගේ පියාවන නිශාන්ත මාරසිංහ මහතා සඳහන් කලේ මේ දරුවන් දෙදෙනාට අමතරව තම එක් දියනියක් උසස් පෙළ හා තව පුතෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන හෙයින් මේ දරුවන් සඳහා කවුරුන් හෝ යම් අධ්‍යාපනික උපකාරයක් ලබා දෙන්නේ නම් එය මහත්සේ අගය කරන බවයි.

මෙම දරුවන් පාසලේ ඉතා විනය ගරුකව අධ්‍යාපනය ලබා ලබා දුන් මෙම ජයග්‍රහනය පාසලට ඉමහත් කීර්තියක් අත් කර දුන් බව  මෙම දරුවන් 6 ශ්‍රේණියේ සිට  ඉගෙනුම ලැබූ ධාර්මික විදුහලේ විදුහල්පති දේශප්‍රිය රනවක මහතා සහ එම දරුවන්ගේ පංති බාර ආචාර්ය ලේල්වල විජිත හිමියෝ පැවසූහ.

image 171b3978e2 Iri News
image 85d2135900 Iri News
image ad14365b87 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *