රිය අනතුරක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රීගේ සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගනියි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී අද (14) උදෑසන මන්ත්‍රිවරයා පාර්ලිමෙන්තුවට එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් ය.

අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයාගේ සොහොයුරා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *