අඩු කුලයේ කෙනෙක් රජ වුනොත් රට ඉවරයි – සමන්තභද්‍ර හිමි කියයි

අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ග්‍රාමසේවකයෙකු රජ වූ කලක මෙන් මුළු රට ම විනාශ වන බව සමන්තභද්‍ර හිමියෝ පවසති.අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ඔහුට නින්දා කළ ගැරහුම් කළ බොහෝ පාර්ශ්වලට පිළිතුරු දීමට මිස රටේ දියුණුවට වැඩ කිරීමට කාලයක් නැති බව ද උන්වහන්සේ සඳහන් කරති.රාජ්‍යත්වයට පත්විය යුත්තේ රජ කුලයේ අයකු බවත් ඉතිහාසය කියවා මේ පිළිබඳ ජනතාව අවබෝධ කරගත යුතු බව ද සමන්තභද්‍ර හිමියෝ සඳහන් කළහ. අඩු කුළේ අයකුට නිවන් දැකීම පවා අපහසු බවත් සියල්ල ඇති අයකුට කෙතරම් ලැබුණ ද ඔහුට ක්ෂණික සියල්ල අතහැර දැමිය හැකි බවත් සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *