මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය තවත් සති දෙකක පමණ කාලයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා පැවසීය.
දිවයින ආශ්‍රිත නිරිතදිග මෝසම් සුළං ධාරා වර්ධනය වන තෙක් මෙම තත්ත්වයේ අඩුවක් නොවනු ඇතැයි චමින්ද ද සිල්වා මහතා කීය.
මේ මස දෙවන සතියෙන් පසුව නිරිතදිග සුළං ධාරා වර්ධනය වනු ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.
ඒ අනුව, මෙම තත්ත්වය ‘ඇඟට දැනෙන උණුසුම් තත්ත්වයක්’ හැටියට හැඳින්විය හැකි යැයි ද ඒ මහතා පැවසීය.
මේ නිසා ඉදිරි දින 14ක කාලයේදීද හැකි තරම් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද චමින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.