දින 23කට පසුව දෙමෝදර ආරුක්කු පාලම උඩින් උඩරට මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ධාවනය කරයි

ආපදා තත්වයෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යථාවත් කර මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කොඳු නාරටිය බඳු වූ උඩරට දුම්රිය මාර්ගය නැවත ශක්තිමත් කිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ එහි සේවකයන් පිරිස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO), සියලුම ස්වේච්ඡා සංවිධාන සහ දේශපාලන අධිකාරිය ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙස අද (20) දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය (SPL 1016) පිටත් වීම පෙ.ව 9.00 ට සිදු වු අතර, ⁣පෙ.ව 9.30 ට අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනයද ආරම්භ විය.

image 18 Iri News
image 19 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *