වසර 31කට පසු සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයි – ඉඩම් යළි ජනතාවට ලබා දෙයි

යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් වල වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල ප්‍රමාණයේ යුද හමුදා කදවුරක් වන සුළිපුරම් යුද හමුදා කදවුරෙන් හමුදා සේනාංක ඉවත් වී එම ඉඩම යාපනය දිසාපති කාර්යාලය වෙත ඊයේ (24) බාර දී තිබෙනවා.

එම කදවුරේ සිටි හමුදාභට පිරිස් සංගානෙයි යුද හමුදා කදවුර වෙත වාර්තා කොට ඇති බව උතුරේ ආරංචි මාර්ග පවසනවා. සුළිපුරම් යුද හමුදා කදවුරෙන් ඉවත් වන විට හමුදා සේනාංක එම භූමියේ වළදමා තිබූ බිම් බෝම්බ මුලුමනින්ම ඉවත් කරණු ලැබුවා. හමුදාව විසින් ඉදි කරණ ලද ස්ථිර ගොඩනැගිලි කීපයක් හා තාවකාලික ගොඩනැගිලි කීපයක්ම ඉවත් නොකොට ඉඩම් පමණක් බාරදී ඇති බව සඳහන්. එම ඉඩම් යාපනයේ සංගානෙයි ප්‍රාදේශීය ලේකම්වරිය වන කවිතා උදයකුමාර් මහත්මිය විසින් යුද හමුදාවෙන් බාර ගෙන යාපනය දිසාපති කාර්යාලයේ ඉඩම් මෙහෙයුම් කමිටුව වෙත බාර දී තිබෙනවා.

එම ඉඩම් වලට අයිතිවාසිකම් කියන ජනතාවගේ ඉඩම් බලපත්‍ර හා පිඹුරුපත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ඉඩම් ජනතාවට යළි පදිංචි කරවීම පිණිස අදාල නිලධාරීන්ට බාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *