ඊළඟට අත්අඩංගුවට ගන්නේ ගෝඨාභය රාජපක්ෂයි – විමල් වීරවංශ

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වීරවංශ මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් ආරක්ෂා කරමින් දියත් වන්නක් බවයි.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාට පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා තිබූ බව පිළිගන්නා අතරම, එය බුද්ධි අංශවල සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් බව විමල් වීරවංශ කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *