වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලින් පසු බළ­න්ගොඩ කස්සප හිමි යළිත් බන්ධ­නා­ගා­ර­යට හරවා යවයි

ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් මහ රෝහ­ලට ඇතු­ළත් කර සිටි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත බළ­න්ගොඩ කස්සප හිමි වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලින් පසු යළිත් ඊයේ (26) ත්‍රිකු­ණා­ම­ලය බන්ධ­නා­ගා­ර­යට රැගෙ­න­විත් ඇත.

මේ වන විට උන්ව­හ­න්සේගේ සෞඛ්‍ය තත්වය යහ­පත් බව එම බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි.

බළ­න්ගොඩ කස්සප හිමි­යන්ට පසු­ගි­යදා උණ රෝගය වැලඳී තිබූ අතර, ඊට අදාළ වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා පසු­ගිය 24 වැනිදා රෝහ­ල්ගත කර තිබිණි. බන්ධ­නා­ගාර රෝහල් වෛද්‍ය­ව­රයා විසින් බළ­න්ගොඩ කස්සප හිමි­යන් පරීක්ෂා කිරී­මෙන් පසු දුන් වෛද්‍ය නිර්දේශ මත උන්ව­හන්සේ රුධිර සාම්පල පරී­ක්ෂා­වක් සඳහා එලෙස ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් මහ රෝහ­ලට ඇතු­ළත් කෙරිණි.

ත්‍රිකු­ණා­ම­ලය සම්බුද්ධ ජයන්ති විහා­ර­ස්ථා­නයේ ඇති වූ ගැට­ලු­කාරී සිද්ධිය සම්බ­න්ධ­යෙන් බළ­න්ගොඩ කස්සප හිමි­යන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැක­ක­රු­වන් 05 දෙනකු පසු­ගි­යදා අත්අ­ඩං­ගු­වට ගත් අතර, එම පිරිස අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු හෙට (28) දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *