ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *