තවත් මිල ඉහළ යාමක් – සහල් මිලත් ලොකු ගානකින් වැඩි වෙයි

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරයි.

පාරි‌භෝගිකයින් පෙන්වා දෙන්නේ කිලෝවක් රුපියල් 230ක්ව පැවැති සම්බා සහල් කිලෝවක මිල රුපියල් 260ක් දක්වා මෙරට ප්‍රධාන සහල් සමාගමක් කටයුතු කර ඇති බවයි.

තවත් සමාගමක් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බව පාරිභෝගිකයින් පවසයි.

මෙම සමාගම්වලට හිතුමතේ මිල ඉහළ දැමීමට අවස්ථාව දුනහොත් උත්සව සමය අවසන් වන විට සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 300කට ආසන්න වනු ඇතැයි පාරිභෝගිකයින් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *