විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සදහා වායුසමනය කරන ලද පත්ල පහත බස් රථ 10 මාර්තු මාසයේ ලංකාවට

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ .

ඒ අනුව, ඒ සඳහා බස් රථ 10ක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමනු ලැබ ඇති අතර, 2026-03-15 දින වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *