ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ඒ ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ය.
කුප්‍රකට එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සම්භාධක පනවා තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහා එයාර් බස් මිලදී ගැනීමේ දී බරපතල මුල්‍ය වංචාවක් සිද්ධ වී ඇති බවට හෙළි කරන ලද්දේ එක්සත් රාජධානියේ බරපතල දූෂණ විමර්ශන කාර්යාලය මගිනි.