ලීක් වූ ෆොටෝ එක ගැන අකිල විමංග සර් කතා කරයි

පසුගියදා වෛද්‍යවරියක හා විවාහවූ ප්‍රකට උපකාරක පන්ති දේශක අකිල විමංග මහතා තුවායක් හැඳගෙන සිටින ඡායාරූපයක් වැරදි අර්ථයක් නිරූපණය වන ආකාරයට අන්තර්ජාලයට මුසුව තිබෙනවා

මෙම ඡායාරූපය සමග ඔහුගේ ප්‍රතිරූපයට හානිවන විවිධ කතා පැතිරගොස් ඇති අතර ඇතැමුන් පවසා තිබුනේ මෙම ඡායාරූපය පළ කිරීම ඔහු සමග බිරිය ඇති කරගත් අමනාපයක් මත ‘මඩ ගැසීමට‘ කළ උත්සාහයක් ලෙසිනි.

නමුත් වාර්තාවන පරිදි අකිලගේ යාළුවෙකු මෙම ඡායාරූපය පළ කර ඇත්තේ විනෝදයටය.

කෙසේ වෙතත් මේ ගැන පැහැදිලි කිරීමක් ලෙස අකිල විමංග සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ පෝස්ටුවක් පළ කර තිබුනි. එහි මෙසේ සඳහන් වෙනවා.

“අද දින මාගේ උපන්දිනයට සුබ පැතූ සියලු දෙනාට ම ස්තූතියි. අහ් මගේ යාලුවෙක් උපන්දිනයට wish කරන්න දාපු ෆොටෝ 1ක් දදා reach ගන්න try කළ අයටත් ස්තූතියි.රස්සාවෙන් කවුරු වුණත් මම යාලුවෝ ඉස්සරහ සරල සාමාන්‍ය කොල්ලෙක්.“

පැය කිහිපයකට පසු අකිල විමංග සිය උපදේශනාත්මක පණිවිඩයක්ද හුවමාරු කරගනිමින් “යාලුවන්ව විස්වාස කරලා රහස් කියන්න එපා“ යනුවෙන් සටහනක් තබා තිබුණි.

මේ ගැන සංවාදය විවිධ ලෙස සිදුවෙද්දී අකිල විමංගගේ බිරිය වෛද්‍ය භාග්‍යා අගරරත්න කොමෙන්ටුවකින් විශේෂ සටහනක් පළ කර තිබෙනවා.

“මේ කිසිම දේකට reply නොදා ඉන්න තීරණය කරලා ඉන්න වෙලාවක මට මේකට reply එකක් දාන්නම හිතුනේ සමහර දේවල් වලට කටවහගෙන ඉන්නවට වඩා කොතනකදි හරි උත්තරයක් දෙන එක වැදගත් නිසා. ඔය කියන පින්තූරේ මගේ husband ගෙ ලස්සන උපන්දිනය ටිකක් stressful කරපු එකක්. විශේෂයෙන්ම එයාට ආදරේ කරන ගොඩක් අය කලබල උන එකක්.

ගොඩක් දෙනා ඒක මම දැම්ම photo එකක් කියලා හිතුවා. මම සාමාන්‍යයෙන් ලස්සන මතක පවා පින්තූර ගන්න පුරුදු උන කෙනෙක් නෙවෙයි. අනික ආදරණීය මනුස්සයෙක් මගේ husband උනාම ඒ ගැන හරිම ආඩම්බරෙන් සමරන පළවෙනි උපන්දිනේ අව්රුදු 18 කොල්ලො වගේ විකාර වැඩ කරන මානසිකත්වයක මම නෑ. මොකද මට එයාගෙ මේ උපන්දිනේ හරිම විශේෂ එකක් සහ එයා මට මගේ ජීවිතේ වටිනම කෙනා නිසා.

ඔය කියන පින්තූරේ දාලා facebook wish එකක් දාලා තිබුනේ Rusiru කියලා එයාගෙ යාලුවෙක්. මේ පින්තූරේ ඒ කෙනා ළඟ තිබුන එකක්. සමහරවිට ඒක කොලුකමට කරපු විහිලුවක් වෙන්න ඇති. කොහොම උනත් තමන් කරන කියන සමහර දේවල් වලින් තව කෙනෙක්ට හානියක් වෙයිද නැද්ද කියලා හිතන්න attitudes සහ හැසිරීම develop කරගන්නයි ඕනෙ
අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම ආසා සතුටින් සැනසීමෙන් ඉන්න. හැබැයි අපි එකිනෙකා ජීවත්වෙන සමාජ වපසරිය වෙනස්. එකම දේකින් එක්කෙනෙක්ට හානියක් වෙන්නත් පුලුවන් තව කෙනෙක්ට නොවෙන්නත් පුලුවන්. ඒක තේරුම් අරගෙන අනිත් කෙනාගෙ ගෞරවයට හානි නොකර ජීවත් වෙන්න පුලුවන් උනොත් අපි ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ගෙ හොඳ යාළුවෙක් වෙන්න බැරිවෙන එකක් නෑ. හැමෝම සතුටින් ඉන්න “

image 71 Iri News
image 72 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *