හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා නාලිකාවේ මෙහෙදි හසන් කළ සම්මුඛ සාකච්ඡාව පිළිබදව හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිය දැඩි කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.
මාධ්‍යවේදී මෙහෙදි හසන්, ආරාධිතයන්ගෙන් දැඩිව ප්‍රශ්න කරන ආකාරය තමන් මීට පෙර ද දැක ඇති නමුත්, මේ අවස්ථාව ඒ සෑම අවස්ථාවකටම වඩා වෙනස් බව ඔහු පවසයි.
අලි සබ්රී පවසන ආකාරයට, මෙම සම්මුඛ සාකච්ඡාව හුදු සම්මුඛ සාකච්ඡාවක් නොව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පහර දීම සදහා ම පූර්වයෙන් සැලසුම් කරන ලද එකකි.
විශේෂයෙන්ම, සම්මුඛ සාකච්ඡාව පැවති ශාලාවට ආරාධනා ලැබ සිටි පිරිසෙන් බහුතරය ශ්‍රී ලංකාවට පස මිතුරු කණ්ඩායමක් බව පවසන හිටපු අමාත්‍යවරයා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, තමන් සත-ුරු භූමියක සිටින බවක් හැගී යන ලෙස එය හිතා මතාම සකස් කර තිබෙන බවද පවසයි.
මාධ්‍යවේදීයා, හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ පැහැදිලිකිරීම් සිද්ධ කිරීමට ඉඩ නොදුන් බවත්, හිටපු ජනාධිපතිවරයාගේ වචන තමන්ට අවශ්‍ය පරිදි අර්ථ දැක්වීමට මාධ්‍යවේදියා කටයුතු කළ බවත් අලි සබ්රී චෝදනා කරයි.
මෙවැනි ප්‍රශ්න කිරීමක්, බලවත් රටවල රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් ඔහු සිදු කරාවිද යන ප්‍රශ්නය අලි සබ්රී හිටපු අමාත්‍යවරයා මතුකරයි.
ලංකාව අඩුපාඩු සහිත රාජ්‍යයක් බව තමන් පිළිගන්නා බව පවසන හිටපු අමාත්‍යවරයා, එය නිවැරදි කර ගැනීමේ වගකීම ඇත්තේ අපටම බවද අවධාරණය කරයි.
එමෙන්ම, රට බංකොලොත් වූ අවස්ථා දෙකක දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගැනීමට ඉදිරිපත් වූ බවද අලි සබ්රි සිහිකර දෙයි. ඉන් එක් අවස්ථාවක් වන්නේ 2001 වසරයි. දෙවැන්න 2022 යි.