සියලුම බස්වලට CCTV සවි කිරීමට සැරසෙයි

අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *